දේශීය

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ ප්‍රකාශයක්

(UTV | කොළඹ ) – ලබන සතියේදී දැනට තාවකාලිකව වසා දමා ඇති සියලු පාසල් විවෘත කිරීමේ හැකියාවක් ඇති බව රජය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිසි ලෙස හඳුනාගනිමින් මේ වනවිට එය පාලනයට නතුකරගෙන ඇති බව යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයට සහතික වී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ඒ අනුව පාසල් විභාග කටයුතුද කඩිනමින් පැවැත්වීමට හැකියාවක් ඇති බවට රජය විශ්වාස කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

Related posts

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

Mohamed Dilsad

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment