ක්‍රීඩා

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

මහේල ජයවර්ධන වත්මන් මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරය ද හොබවනු ලබයි.

ඒ අනුව, පසුගියදා පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මහේල ජයවර්ධන එහි ක්‍රිකට් කමිටු සභාපතිත්වයට පත්කර ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු සහ දක්ෂ නායකයකු ලෙසින් සැලකෙන මහේල මෙයට පෙර එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය.

ඒ අනුව, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් මෙයට පෙර කටයුතු කළ සමන්ත දාඩන්වල මහතා එම තනතුරින් ඉවත්වීමත් සමඟින් මහේල ජයවර්ධන ඉහත තනතුර සඳහා පත්වීම ලැබ තිබිණි. එමෙන්ම ‍දාඩන්වල මහතා එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස වසර 10 කට අධික කාලයක් කටයුතු කර ඇති බවද සඳහන්ය.

Related posts

ඇන්ජෙලෝ යළි ක්‍රිකට් පිටියට

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

Mohamed Dilsad

T20 ලෝක කුසලානය සඳහා තරගවදින සියලුම සංචිත

Mohamed Dilsad

Leave a Comment