දේශීය

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

(UTV | හක්මන) – හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථයේ රියදුරා කට්ටකඩුව ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ටිපර් රථය ද හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථයට යට වීමෙන්  වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු මියගිය අතර තවත් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට

Mohamed Dilsad

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ ගණන 30,500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment