දේශීය

මැතිවරණය සඳහා අවශ්‍ය නිවාඩු ලබානොදෙන්නන්ට එරෙහිව නඩු

(UTV | කොළඹ) – ඡන්දය ප්‍රකාශ කිරීමට කිසියම් සේවා නියුක්තිකයෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කල විට ප්‍රමාණවත් යැයි සළකනු ලබන කාලයක් නිවාඩු දීමට සේවා යෝජකයන් විසින් කටයුතු කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයෙකු විසින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඩුවම් දිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වෙනුවෙන් පැය 4 කට නොඅඩු කාලයක් වැටුප් අහිමිවීමකින් තොරව නිවාඩු දිය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පණතේ දැක්වෙයි.

ලබන අගෝස්තු 05 වනදා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා කිසියම් සේවා යෝජකයෙකු නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වහාම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය , සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන ලෙසට ඉල්ලීමක් කරයි.

අනතුරුව එම පැමිණිල්ල දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්වරයාට යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

Related posts

තැපැල් ඡන්දයට අයදුම්පත් ලක්ෂ 07ක්

Editor O

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment