විදෙස්

දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වැසෙයි

(UTV | කොවිඩ් 19) –  මේ වන විට කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

මීට අමතරව රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමටත් මුඛ ආවරණ අනිවාර්ය කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,079ක් ලෙස දැක්වෙන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වූයේ දෙලක්ෂ 76,242ක් ලෙසයි.

පැය 24 ක් තුළ ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (12) දිනයේදී සටහන් වූ අතර එය දැක්වූයේ 230,370 ක් ලෙසයි.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ගණන වාර්තාවූයේ ඇමෙරිකාවෙන්.

Related posts

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

ඇමෙරිකාවේ ගුවන්යානයක ගිනි ගැනීමක්

Editor O

Leave a Comment