දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඇරඹේ

(UTV | කොළඹ ) – අද (11) සිට මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ආරම්භ වේ.

ලබන සඳුදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ජූලි 29 වන දිනෙන් අවසන් කිරීමට නියමිතයි.

එදිනට පෙර නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය ලබන වර්ෂයේ පළමු මාස හය තුළ – ඇමති බිමල් රත්නායක

Editor O

Leave a Comment