දේශීය

නිරෝධායනය අවසන්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් 20 දෙනෙකු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවගොස් තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 16 දෙනෙකු සහ කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් හතරදෙනෙකුද නිරෝධායනය අවසන් කර සිය නිවෙස් බලා පිටවගිය බවයි.

මෙම පිරිසද ඇතුලුව නිරෝධායනය සාර්ථකව අවසන් කර කල්පිටිය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවගිය සංඛ්‍යාව 513ක් වන අතර එම මධ්‍යස්ථාන දෙකෙහි පුද්ගලයන් 60 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට යොමුවී සිටියි.

Related posts

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

Leave a Comment