කලා

වසර 33කට පෙර අපෙන් සමුගත් හදවත රත්තරං ජෝති

(UTV |කොළඹ) – ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ …මේ අද මම බස් රථයේ එන විට අසමින් ආ පැරණි ජනප්‍රිය ගීතයකි.මෙම ගීතය බස් රථයේ සිටි වැඩිමහල් කිහිප දෙනෙක්ම මුමුණනු මට සියසින් දැක ගැනීමට හැකි විය.

මේ ගීතය එදා මෙන්ම අදත් අපගේ හදවත් වලට තිබෙන සමීප බව අඩුවී ගොස් නැත.

පුරා 35 වසරක් අඛණ්ඩව ගී ගැයූ එච්. ආර්. ජොතිපාලයන් අවසන් හුස්ම වා තලයට මුසු වූ නමුත් ඔහුගේ සුමියුරු හඬ අදත් ජීවමානව පවතී.

හදවත රත්තරං ජොති වියෝ වූයේ 1987 අද වැනි දිනකය.

ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ “සුරතලී” චිත්‍රපටයේ “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය.

ඔහු ගායනා කල සියළුම ගීත තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත වේ.

රියලිටි වැඩසටහන් වලට සහභාගී වන තරුණයින් තවමත් ජෝති පාලයන්ගේ ගීත ගායනා කරමින් එම තරඟ ජයග්‍රහණය කරයි.

අද ඔහු අප අතර නැතත් ඒ හඬ සදා අමරණීයයි. කිසිවෙකුට ඒ හා සම වන්නට නොහැකි වන්නේ ඒ නිසාමය. ඔහුගේ භෂ්මාවශේෂ බොරැල්ල කනත්තේ තැම්පත් කර ඇත.

ඔබටත් ඔහු සිහිපත් කරමින් අද දවසේ පහනක් දැල් වීමට හැකියාවක් ඇත.

එසේ පහනක් දල්වා ප්‍රාර්ථනා කරන්න, මෙවැනි වටිනා කලාකරුවෙකුට මේ සසර ගමනේ එවැනි අකල් මරණයක් යළිත් සිදු නොවේවායි!

 

Related posts

‘චාර්ලීස් එන්ජල්’ චිත්‍රපටය නව මුහුණුවරකින් කරලියට (video)

Mohamed Dilsad

Margot Kidder දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

දීපිකා instergram පළමු තැනට

Mohamed Dilsad

Leave a Comment