දේශීය

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

(UTV | මහනුවර) –  මහනුවර – පොල්ගොල්ල ජලාශයට පැන පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර , ගැහැණු ළමයා 16 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වෙයි.

අද (07) අලුයම සිය නිවෙස්වලින් පැමිණි ඔවුන් පොල්ගොල්ල ජලාශයට පැන ඇත්තේ කටුගස්තොට – කහල්ල ප්‍රදේශයෙන්.

මොවුන් දෙදෙනා කටුගස්තොට – නවයාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගම්වාසීන්ගේ සහය ඇතිව ඔවුන්ගේ සිරුරු මේ වන විට ගොඩට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ක්‍රියාත්මක වෙයි.

Related posts

කුවේටයේදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

Mohamed Dilsad

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment