දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව පවසයි.

මේ දක්වා පැමිණිලි 1255ක් ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ පැමිණිලි ලැබී ඇත්තේ ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙනි.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 94ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

යාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්

Editor O

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment