දේශීය

රජයේ අවශේෂ කැලෑ ඉඩම් යළි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

(UTV| කොළඹ) – වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ අවශේෂ කැලෑ ඉඩම්, යළි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වනජීවි අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබේ.

2001 වර්ෂයේ දී මෙම ඉඩම්වල පාලනය විශේෂ චක්‍රලේඛයක් මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරනු ලැබුවේය.

නමුත් , අදාළ ඉඩම්වල හේන් ගොවිතැන වැනි කටයුතුවල යෙදෙන ගොවීන් අපහසුතාවයට පත්ව ඇති නිසා මෙම ඉඩම් යළි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.

Related posts

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

අමෙරිකාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment