ගොසිප්

රෝසි සේනානායක යළිත් එජාපයට

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ පක්ෂය සමඟ මුලින් කටයුතු කරන ලද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට එක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තමන් දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කළ බව ඇය පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන්කර සිටියාය.

නමුත් ඊයේ (01) දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප මාධ්‍ය හමුවකටද ඇය සහභාගී වූවාය.

රෝසි සේනානායක මහත්මියගේ පුත‍්‍රයා මෙවර සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරඟ කරයි.

කෙසේවෙතත් කොළඹ නගරාධිපති ධුරය වෙනස් කිරීම සඳහා එජාපය විසින් සාකච්ඡා කරමින් සිටි අතරතුරේ දී ඇය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයකි.

Related posts

පාර්ලිමේන්තු සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ඇමති අර්ජුනට ඉන්දියාවෙන් චෝදනාවක්

Mohamed Dilsad

නව කැබිනට් ඇමති ධුරයට පත් වන්නේ කවුද?

Mohamed Dilsad

Leave a Comment