දේශීය

රාජ්‍ය සහ පුද්ගලික අංශ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට අදාළ යෝජනා, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුව විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.

අද (30) පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අදාළ යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව , රාජ්‍ය අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.00 ට ආරම්භ වී පස්වරු 4.45 ට අවසන් කරන ලෙස අදාළ යෝජනාවල දැක්වෙයි.

මීට අමතරව පෞද්ගලික අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.45 සිට 6.45 දක්වා ක්‍රියාත්මක කරන ලෙසට ද අදාළ කමිටුව යෝජනා කර ඇත.

Related posts

මෙවර කොළඹ අවසන් නිල ජන්ද ප්‍රථිපලය නිකුත් කරන ස්ථානය

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි.

Editor O

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment