දේශීය

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

(UTV| කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් ඉල්ලා අස්කරගෙන ඇත.

තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බව රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජිත සේනාරත්න මහතාට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් එම අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.

 

Related posts

සහන නොලැබුණහොත් බස් ගාස්තු 30%කින් ඉහළට

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩිතැබීමට තරුණයින් දෙදෙනෙක් මාට්ටු

Mohamed Dilsad

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment