දේශීය

විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගැනීමකදී ඇල්ලකට ඇද වැටෙයි

(UTV | ලග්ගල) – ලග්ගල ප්‍රදේශයේ පිහිටි ඇති සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ගැනීමට ගිය විවාහ වීමට සිටි යුවලක් ඇල්ලට ඇද වැටීමෙන් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (28) සිදුවූ මෙම අනතුරෙන් අදාළ තරුණියව තවත් පිරිසක් විසින් බේරාගෙන ඇති බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.

ඉලුක්කුඹුර සේර ඇල්ල නැමැති ස්ථානයේ මොවුන් දෙදෙනා ඡායාරූප ගනිමින් සිටින අවස්ථාවේ ඡායාරූප ශිල්පියා විසින් තරුණිය ඔසවා ගන්නා ලෙස තරුණයාට පවසා තිබේ.

එහිදී තරුණයා තරුණියව ඔසවා ගත් අවස්ථාවේ ඔවුන් දෙදෙනාම ඇල්ලෙන් පහළට ඇද වැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්

Editor O

පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment