දේශීය

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (29) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසු, පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර ඇත.

Related posts

දහම් පාසල් ගුරුවරුන්ට රු. 7500ක වාර්ෂික දීමනාවක්

Editor O

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

Editor O

Leave a Comment