දේශීය

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (29) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසු, පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර ඇත.

Related posts

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

Mohamed Dilsad

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment