ගොසිප්

බූස්ස රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ අලුත්ම මෙහෙයුම

(UTV| කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (25) රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ මෙලෙස ආහාර වර්ජනය සිදුකර තිබේ.

එම රැඳවියන් ආහාර වර්ජනය ආරම්භ කර ඇත්තේ තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින්.

ඔවුන් වෙන – වෙනම සිර මැදිරිවල රඳවා සිටින සිරකරුවන් වන අතර , දිනපතා අවස්ථා දෙකකදී පැය බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබාදෙයි.

ඔවුන් පිටතට ගනු ලබන්නේ ද අනෙකුත් රැඳවියන්ට එකිනෙකා මුණ නොගැසෙන ආකාරයටයි.

එලෙස සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය තවත් වැඩි කරන ලෙස ඔවුන්ගේ ඉල්ලීම වී ඇත.

කෙසේවෙතත් බන්ධනාගාර ප‍්‍රධානීන් එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නොමැති අතර, කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් අදාළ සිරමැදිරිවල රඳවා සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

සුනඛයන්ට ආහාරයක් වූ ඉන්දියාවේ කොරෝනා මළසිරුරු [PHOTOS]

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

Mohamed Dilsad

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. – පොහොට්ටු මන්ත‍්‍රීනී

Mohamed Dilsad

Leave a Comment