දේශීය

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

(UTV | කොළඹ) – ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 08 දෙනා යළි ජූලි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(UTV | කොළඹ) –  ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා අද (25) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පසුගිය 10 වනදා මිරිහාන ප්‍රදේශයේ පිහිටි ලීසිං සමාගමක් තුළදී එහි සේවකයන් පිරිසක් විසින් කළ පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්විය.

පසුව පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා යම් තරමකට පාලනය කිරීමට හැකිවුණා

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

Mohamed Dilsad

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment