දේශීය

ත්‍රිපෝෂ සෑදීමට අවශ්‍ය කිරිපිටි දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

(UTV | කොළඹ) – ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720 ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ලංකා ත්‍රිපෝෂ සමාගම ඉකුත් වසර පහක් තිස්සේ මිල්කෝ සමාගමත් කිරිපිටි මිලදී ගත්තත් ඔවුන් මෙවර ඉදිරිපත් කළ මිල ගණන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මිල්කෝ සමාගම කිරිපිටි කිලෝවක් රුපියල් 800 ක මිලට මීට පෙර ලබාදුන්න ද මෙවර රුපියල් 920 ක මිලක් ඉදිරිපත් කර ඇති නිසා මෙලෙස යළි මිල ගණන් කැඳවීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

නිරෝධායන අවසන් කළ 63 දෙනෙක් නිවෙස් වෙත

Mohamed Dilsad

ගුවන් තොටුලප විවෘත කිරීමෙන් පසු පළමු විදේශිකයින් කණ්ඩායම රුසියාවෙන්

Mohamed Dilsad

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

Leave a Comment