දේශීය

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් යැයි පවසා රුපියල් කෝටියක් චීන ජාතිකයෙකුගෙන් බලෙන් ලබාගත් පුද්ලගයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් තොගය පැහැරගෙන ඇත්තේ තලංගම ,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදීයි.

ඔහු සමඟ තවත් චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනකු සහ චීන ජාතික කාන්තාවන් සිව් දෙනකු සිට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් බව පවසමින් පැමිණි බාහිර පුද්ගලයින් සිව් දෙනකු ඔවුන් රැදී නිවස පරීක්ෂා කර සිගරට් කාටූන් තොගයක් නිවසින් සොයාගෙන එය ළඟ තබා ගැනීම නීතී විරෝධි බව පවසා , අනතුරුව එම පිරිසගේ විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂාවට ලක් කර වීසා බලපත් නැතිව රැදී සිටීමද වරදක් බව පවසා පොලීසියට රැගෙන නොයෑමට නම් මුදල් අවශ්‍ය බව පවසමින් රුපියල් 10,00000 මුදල ලබාගෙන ඇතැයි පොලිස් පැමිණිල්ලේ සඳහන්ය.

මෙම තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව මෙම චීන ජාතික පිරිසට භාෂා පරිවර්තක ලස කටයුතු කළ පුද්ගලයාගේ සබඳතාවක් ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

පසුව නොරොච්චෝල, කල්පිටියේ පදිංචි භාෂා පරිවර්තක සහ එම ලිපිනයේම පදිංචි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

Editor O

බස් රථ ධාවනය අද අඩු මට්ටමක

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment