දේශීය

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

(UTV | කොළඹ ) – අද (18) හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ඔහු විසින් පසුගිය ආණ්ඩු සමයේ විවිධ හේතූ පදනම් කරගනිමින් තමාට එරෙහිව දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක වූ බවට කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂිදීම සඳහා ය.

තවද හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවා ද අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබේ.

ඒ ඔහු විසින් වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි පදනම් කරගනිමින් තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළවයි.

මීට පෙර රෝහිත බෝගොල්ලාගම සහ එමිල් රංජන් ළමාහේවා යන අය අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබා දුන්නේය.

Related posts

විදේශ අධ්‍යාපන සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

සජිත්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

Leave a Comment