දේශීය

ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට

(UTV | කොළඹ) – ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දෙවන අදියරේදී බොරැල්ල සිට පිටකොටුව දක්වා ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 22 වන මෙම අදියර ආරම්භ කරන බවයි.

පසුගිය 08 වැනිදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය පළමුව ක්‍රියාත්මක කෙරුණේ මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වායි.

එමගින් මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වා බස් රථ ධාවනයේදී විනාඩි 30 ත් විනාඩි 44 ත් දක්වා කාලයක් අවම කරගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ග්‍රීන් කාඩ් ගැන ඇමෙරිකානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

Editor O

කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

Leave a Comment