දේශීය

ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට

(UTV | කොළඹ) – ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දෙවන අදියරේදී බොරැල්ල සිට පිටකොටුව දක්වා ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 22 වන මෙම අදියර ආරම්භ කරන බවයි.

පසුගිය 08 වැනිදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය පළමුව ක්‍රියාත්මක කෙරුණේ මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වායි.

එමගින් මොරටුව කුරුස හංදියේ සිට පිටකොටුව දක්වා බස් රථ ධාවනයේදී විනාඩි 30 ත් විනාඩි 44 ත් දක්වා කාලයක් අවම කරගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

Mohamed Dilsad

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මිලියන 3.5ක ප්‍රදානයක්

Mohamed Dilsad

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

Leave a Comment