දේශීය

ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පරසන්ගස්වැව ප්‍රදේශයේ දී අලෙවිකිරීම සඳහා ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවක දී පරසන්ගස්වැව මාර්ගයේ වැටලීම් රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරු සතුව තිබී ගජමුතු 06ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ඔහු අද (16) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රවෘත්ති විකාශන අතරතුර මනාප අංක ප්‍රදර්ශණය නොකරන්න

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment