දේශීය

දියනෑමට ගොස් අතුරුදන්වූ මනාලයාගේ සිරුර ගොඩට ගනී

(UTV | කොළඹ) – තරුණයන් පස්දෙනෙකු සමඟ ඊයේ (14) දිනයේ කටුකුරුන්ද මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි ලහිරු කසුන් නමැති තරුණයාගේ සිරුර අද සොයාගෙන තිබේ.

ඔහුගේ විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.

පයාගල පොලිස් වසමේ ලංසියාවත්ත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර ,  ප්‍රදේශවාසීන් විසින් සිරුර ගොඩබිම වෙත රැගෙනවිත් තිබුණි.

ඥාති හිතවතුන් දේහය හඳුනාගත් බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පයාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Editor O

ලක්‍ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

Mohamed Dilsad

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

Leave a Comment