ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි සිට තරඟ සඳහා සුදානම්

(UTV |කොළඹ) – ලබන මාසයේ සිට නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුදානම් වේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු මිකී ආතාර් පවසන්නේ පසුගියදා පැවති පළමු නේවාසික පුහුණු සැසියේදී ඊට අවශය පදනම සකසා ගත් බවයි.

ඒ අනුව ලබන සතියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය තවත් පුහුණූ වැඩසටහනකට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ කලකට පසුව නැවත ප්‍රධාන පුහුණූවීම් ආරම්භ කිරීම තරමක් දුශ්කර වු බවයි.

ඉදිරයේදී ශ්‍රී ලංකා පිල සහභාගී වන ආසන්නතම තරඟමාලාව සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු වි නොමැති බවත් මෙම මාසයට යෙදී තිබු ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයද කල් දමා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

Related posts

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයසුරියගෙන් නිදහසට කරුණු විමසයි

Mohamed Dilsad

කාසියේ වාසිය නෙදර්ලන්තයට

Mohamed Dilsad

අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment