දේශීය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

(UTV | කොළඹ ) – ජූනි 22 වන සඳුදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව, යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ප්‍රකාශ කළේය.

පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දිනකට සේවාලාභීන් 250 කට සහ ගාල්ලේ කාර්යාලය මගින් දිනකට සේවාලාභීන් 50 කටද, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

එහිදී සේවාලාභීන් පළමුව තම අයදුම්පත ග්‍රාම නිලධාරීන් මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි.

එම කාර්යාලයෙන් පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් සඳහා වෙන්කළ අංකයක් ලබාගත යුතු අතර, අදාළ වේලාවට දෙපාර්තමේන්තුව වෙත පැමිණ හැඳුනුම්පත ලබාගත යුතු බවයි කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Related posts

12ක් රෝහලට යැවූ අනතුර

Mohamed Dilsad

රංජන් රාමනායකගේ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී 

Editor O

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment