දේශීයප්‍රමුඛ පුවත 1

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

(UTV |කොළඹ) – ආගමික ස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් එක් රැස්වීමට අද සිට අවසර හිමිවේ.

නමුත් ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව ඕනෑම ආගමික පුජ්‍ය ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කර ඇති බයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂයෙන් ආගමික කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතු බවද ඔහු සඳහන් කලා.

ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමානයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සීමාවෙන් අඩකට පමණක් එක් එකවර රැඳී සිටීමටද අවසර පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

Related posts

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක් අත්අඩංගුවට

Editor O

Leave a Comment