දේශීය

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

(UTV | කොළඹ) –  දිවයින පුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16 ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මහ මැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 7 වැනිදා අම්බලන්ගොඩදී පැවත්විය.

ඡන්දදායකයන් දෙසීයකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන මෙම ඡන්ද විමසීම සංවිධානය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම සඳහාය.

කොළඹ නගරයේ නාගරික මහල් හා වතු නිවාස ආශ්‍රිතව ද පෙරහුරු ඡන්ද විමසීම් දෙකක් පවත්වන බව කොමිසම පවසයි.

මේ පෙරහුරු මැතිවරණ සංවිධානය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනටමත් සිය නිලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ ඇති අතර , මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ද ඒ පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යෙදවීමට නියමිතය.

Related posts

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment