දේශීය

ජනපතිගේ අත්සන ව්‍යාජව භාවිත කිරීමට අදාළව අගමැති කාර්යාලයෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) –  ජනාධිපතිතුමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛණ භාවිතා කළැයි කියන සිද්ධියට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පුද්ගලයෙකු සම්බන්ධ බවට හෙළිවී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ අත්සන සහිත ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් රාජ්‍ය බැංකුවක් වෙත ලිපියක් ඉදිරිපත් කළ සිද්ධියට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිවෙකුත් සම්බන්ධ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ද නිවේදනයක් නිකුත් කරමින් එය තහවුරු කර ඇත.

අදාළ සැකකරුට එම ලේඛණ සකස් කිරීම සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පුද්ගලයෙකු සම්බන්ධවී ඇති බවට පසුගියදා පුවත්පත්වල ප්‍රවෘත්තියක් පළ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම හෝ අත්සන යොදාගනිමින් රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් වාර්තා ලැබෙන බැවින් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් කළේය.

Related posts

බදුරලියෙත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණයෙන් තීන්දුවක්

Mohamed Dilsad

සතොස, අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය කිහිපයක මිල පහළ දමයි

Editor O

Leave a Comment