දේශීය

අපේක්ෂා Express වැඩ ඇරඹේ

(UTV | කොළඹ ) – ලංකා ගමනා මණ්ඩලයෙන් මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහණ සේවාවල ඇතිවූ ගැටලූ හේතුවෙන් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා පැමිණෙන රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්වන බැවින් මෙම පියවර ගෙන ඇත.

මෙම ප්‍රවාහන සේවාව පෙරේදා (8) සිට ක්‍රියාත්මක අතර ඊට නම් තබා ඇත්තේ ” අපේක්ෂා එක්ස්ප්‍රස් ” යනුවෙනුයි.

එමෙන්ම මෙම රෝගීන්ට ලබාදෙන ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබා ගත යුතු බැවින් මෙම බස් රථ තුළ ඒ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි.

දැනට මෙම බස් රථ මගින් මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, හගුරන්කෙත, මහනුවර නිකවැරටිය, ගොඩකවෙළ, ගල්ගමුව, මුලතිව් වැනි දුර බැහැර ප්‍රදේශවල සිට දිනපතා රෝගීන් ප්‍රවාහනය කෙරේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිමා වූ පසුවත් අපේක්ෂා රෝහලට සායන සඳහා දුරබැහැර සිට ගමන් කරන රෝගින්ට මෙම ප්‍රවාහණ පහසුකම දිගින් දිගටම ලබාදීමට කටයුතු කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත.

Related posts

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී යෝග්‍යතා පරීක්ෂණයක් අනිවාර්යය කිරීමේ සූදානමක්

Editor O

Leave a Comment