දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහ ලිපි ශීර්ෂ වංචනික ලෙස භාවිත කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සැකකරු කුරුණෑගල යන්තන්පලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

වැඩ තහනමකට ලක්ව සිටින සැකකරු වැටුප් සහ දීමනා සහ උසස්වීම් සමග යළි සේවයේ පිහිටුවන ලෙසට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයක ජනපතිගේ අත්සන සහිතව ලියූ ලිපියක් ලංකා බැංකු සභාපතිවරයාට යොමුකර තිබේ.

එය ව්‍යාජ එකක් බවට තහවුරුවීමෙන් පසු සැකකරු ඊයේ 03 බැංකු මූලස්ථානය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ලිපි ලේඛන සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ සෙසු උපාංග ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Related posts

රතු මූදේ අර්බුධය | නැව් රැසක් ලංකාවට ඇදී එයි

Mohamed Dilsad

පරීක්ෂාවෙන් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් ගැන සමගි ජන බලවේගයෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක්,ළඟදීම ගම් පෙරළිය වැඩසටහනින්

Mohamed Dilsad

Leave a Comment