දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

(UTV| කොළඹ) – ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැතිද යන තීන්දුව අද පස්වරු 3 ට ප්‍රකාශයට පත් කරන බවයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ 10 වන දිනටත් එය සලකා බලනු ලැබීය.

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට

Mohamed Dilsad

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment