දේශීය

සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙකු STF දැලේ

(UTV | කොළඹ ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ලකල වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) රාත්‍රී 8 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරීන් විසින් පානදුර එලුවිල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුරුව එම තැනැත්තා ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

34 හැවිරිදි මොහු මොරටුව අගුලාන සමුද්‍රාසන්න පාරේ පදිංචි අයෙකු වන අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සහ සිම් කාඞ් පත පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කුරුණෑගල මහ රෝහලේ හිටපු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් යළි සේවයට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment