දේශීය

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනිමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යෑමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් සම්පුර්ණ කිරිම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය තහවුරු කළ යුතුයි.

එහෙත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු නිකුත් නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛණ තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලු කිරිමෙන් ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

නිතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරුවක්

Editor O

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

Leave a Comment