දේශීය

ගාස්තු රහිතව ඕනෑම දුරකථනයකින් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

(UTV | කොළඹ) – අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසු දරුවන් 45ක් දක්වා වූ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් ඉගැන්වීමේ කටයුතු කිරීමට පාසල් ගුරුභවතුන්ට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහනට අදාළ පරිගණක මෘදුකාංග ඩයලොග් ආසියාටා සමාගම විසින් සපයා තිබේ. ආරම්භක අදියරේ දී දිවයිනේ පළාත් නවයෙන් තෝරා ගත් පාසල් 100ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ (28) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ හා ඩයලොග් සමාගමේ නිලධාරීන්ගේ එක්ව සිටියහ.

Related posts

”බොරු කීම”, ඉතිහාසයේ පළමු වතාවට, ආණ්ඩුව විසින් නීත්‍යානුකූල කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

රටේ ආර්ථිකය, අර්බුදයක් කරා ගමන් කරනවා. විදේශ සංචිත අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment