දේශීය

‘අම්ෆන්’ කුණාටුවෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රා නිරුපද්‍රිතව ගොඩබිමට

(UTV | කොළඹ) –  ‘අම්ෆන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාවේ මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාවේ සහයෙන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්න මුහුදු තීරයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රිය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Center – MRCC) මගින් මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු සමුද්‍රිය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධතා මධ්‍යස්ථානය දැනුවත් කිරීමෙන් පසුව එම යාත්‍රා සඳහා බාධාවකින් තොරව ඉන්දුනීසියානු අනන්‍ය ආරක්ෂිත මුහුදු කලාපයේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලදී.

මෙම යාත්‍රා වලින් යාත්‍රාවන් 36ක් සඳහා නැවත ගොඩබිමට පැමිණීමට අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ජලය නොමැති වීමත් යාත්‍රා කිහිපයක යාන්ත්‍රික දෝෂ හටගෙන ඇති බවටත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙත දැනුවත් කිරීමක් සිදුකර ඇත.

මෙම මෙහෙයුම සඳහා දායකත්වය ලබාදුන් නාවික හමුදා සමුදුර නෞකාව යුද සමයේදී ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීම ඇතුළු සාර්ථක යුද මෙහෙයුම් රැසකට දායකත්වය ලබාදී තිබේ.

Related posts

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

Editor O

ත්‍රිවිධ හමුදාව ගැනත් ආණ්ඩුව තීන්දුවක් ගනී

Mohamed Dilsad

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment