ක්‍රීඩා

ලබන වසරේදීත් ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත වෙයි

(UTV | ජපානය) – 2021 වසරේදී ද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.   

ඔහුගේ මතය වන්නේ කොරෝනා වසංගතයට එන්නතක් සොයා ගැනීමෙන් තොරව එවැනි දැවැන්ත තරඟමාලාවක් පැවැත්විය නොහැකි බවයි.

යම් හෙයකින් ලබන වසරේදීත් පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කරන බවයි ජපානය පවසා තිබේ.

එටමන්ම , 2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා තරඟවැදීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් සත්කාරකත්වය සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වන බැවින් ඉදිරි ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ අධය්‍යනය කිරිමෙන් පසුව සත්කාරකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබේ. .

Related posts

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

Mohamed Dilsad

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

Mohamed Dilsad

Leave a Comment