දේශීය

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති

(UTV | කොළඹ) – ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම කටයුතු සඳහා දක්ෂ, හැකියාව සහිත නිලධාරීන් පත් කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගනිමින් ජනාධිපතිවරයා කරන මෙහෙවර ප්‍රශංසනීය බවයි.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

Related posts

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

නව වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු අද සිට

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment