දේශීය

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති

(UTV | කොළඹ) – ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම කටයුතු සඳහා දක්ෂ, හැකියාව සහිත නිලධාරීන් පත් කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගනිමින් ජනාධිපතිවරයා කරන මෙහෙවර ප්‍රශංසනීය බවයි.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

Related posts

හිටපු ඇමති පියසේන අල්ලස් කොමිෂම ට

Editor O

රියදුරු බලපත්‍ර ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට මැර ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment