දේශීය

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

(UTV | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැක.

එමෙන්ම, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඉල්ලා සිටියේ මේ පිලිබඳ ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

Related posts

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

Mohamed Dilsad

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

Mohamed Dilsad

Leave a Comment