දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

(UTV | කොළඹ ) – අද (22) දිනයේද ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්, වැඩිදුර සලකා බැලීම 5 වන දිනයටත් සිදු කෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී අදත් පෙරවරු 10.00 ට පෙත්සම් සළකා බැලීම ආරම්භවීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

Related posts

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

Mohamed Dilsad

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment