දේශීය

කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

(UTV | කොළඹ ) – අද (21) සිට කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම යළි ආරම්භ කෙරේ.

කොරෝනා වසංගතයත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ එක් අදියරක් යටතේ මෙම පියවර ගැනෙනු ඇත.

ඛාණ්ඩ 8 ක් යටතේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරෙන බව කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මෙන්ම ඊට සම්බන්ධ මාර්ගවල ක්‍රියාත්මක වන බව ද කොළඹ මහ නගර සභාව පවසයි.

Related posts

යාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

යාපනය, චෙම්මනි මිනිවළෙන් මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් ගොඩගනී: තවදුරටත් කැනීම්

Editor O

Leave a Comment