දේශීයප්‍රමුඛ පුවත 1

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

(UTV | කෝවිඩ්-19) – ලොව පුරා එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් විසි ලක්ෂ 20,151 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් ලොව පුරා පුද්ගල මරණ තුන් ලක්ෂ 29,246ක් වාර්තා වී තිබේ.

Related posts

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි…

Mohamed Dilsad

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

Mohamed Dilsad

ආරක්ෂක අංශයේ 10,000කට විදෙස් රැකියා අවස්ථා

Mohamed Dilsad

Leave a Comment