දේශීය

අවදානම් නොවන දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අද සිට

(UTV | කොළඹ ) – අද (20) දිනයේ සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අවසර ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවසර ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙයි.

දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් – 19 සම්බන්ධව යහපත් තතත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දිනයේ සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව අද දිනයේ සිට පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද දිනයේ සිට ධාවනයට එක් කරන බස් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය කටයුතු සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

Related posts

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

නිදහස් දින උත්සවය ගැන රාජ්‍ය ආයතන වෙත දැනුම් දීමක්

Editor O

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment