දේශීයප්‍රමුඛ පුවත 1

රණවිරු දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල විශේෂ පණිවිඩය

(UTV | කොළඹ) – යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරිමට නම් ස්වාධින ජාතියක් ලෙස එක්ව නැඟී සිටිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධිනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංඛේතයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කප්පාවට පත්ව සිටි අතර ලොව විනය ගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් මෙරට සන්නද්ධ හමුදා නිලධාරින්ගේ ගෞරවයට හානි කළ බොහෝ දේ එම කාලයේදී සිදු වූ බවයි.

තවද කොවිඞ් වසංගතය වැනි බාධක පැමිණිය ද රටක් ලෙස කිසිවිටෙකත් පසු නොබසින බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Related posts

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

Mohamed Dilsad

නයයෑ⁣ම් සහ ගංවතුරෙන් දස ලක්ෂයකට අධික පිරිසකගේ විවාහ උප්පැන්න සහ විවාහ සහතික විනාස වෙලා….

Editor O

මෙවර අපේක්ෂකයින්ගේ වියදම කෝටි 1000 ඉක්මවිය හැකියි

Mohamed Dilsad

Leave a Comment