දේශීය

ලංකා ඛනිජ තෙල්වල මිල වැඩිවීමක් නොවන බව ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ඊයේ මැදියම් රැයේ සිට ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමූව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඉන්දීය ඔයිල් සමාගම විසින් පෙට්‍රල් මිල වැඩි කිරීමට ගත් තීරණය එම සමාගම විසින් ගන්නා ලද තීරණයක් වන අතර, ඊට රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව අමාත්‍යවරයා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවන කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

දිගන ආශ්‍රිතව හටගත් සුළු භූ චලනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් නොවේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment