දේශීය

ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර පැවතිය හැකි බවයි.

එමෙන්ම, ගිනිකොණදිග සහ යාබද නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ද බලපා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

PCR පරීක්‍ෂණ අඩාල වන ලකුණු

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

ඉන්දීය නළු රවි මොහාන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස්, විජිත හේරත් හමුවෙයි

Editor O

Leave a Comment