ක්‍රීඩා

මෙරට ඉදිකරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

(UTV | කොළඹ) – මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කඩිනමින් ඉදිකිරීම් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය බන්දුල ගූණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ක්‍රීඩාංගන ඉදිරිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

හෝමාගම – දියගම ප්‍රදේශයේ අක්කර 26ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණයේ පළමු අදියර යටතේ තරඟ  නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සැළසීමටත් දෙවන අදියර යටතේ විසි දහසකට ආසන පහසුකම් සැළසීමටත් නියමිතයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍යදැයි හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රශ්න කර තිබේ.

ඔහු ට්විටර් සටහනක් තබමින් පෙන්වා දෙන්නේ දැනට ඇති ක්‍රීඩාංගණවල පවා ජාත්‍යන්තර, දේශීය සහ පළමු පෙළ තරග ප්‍රමාණවත් පරිදි නොපැවැත්වෙන බවයි.

Related posts

PSL ජූනි 9 වනදා යළි ඇරඹේ

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 දෙවන් තරඟය අද

Mohamed Dilsad

“අපට තරඟයක් තියෙනවා ලංකාවත් එක්ක” – නවසීලන්ත කණ්ඩායම් නායක කේන් විලියම්සන්

Mohamed Dilsad

Leave a Comment