සේයා පුවත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ කාලගුණ තත්ත්වය

(UTV | කොළඹ) – බටහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල මිලිමීටර් 150 කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කර තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු  ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

Related posts

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට…

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරයි

Mohamed Dilsad

SPECIAL ENVOY ON ANTI PERSONNEL MINE BAN CONVENTION ASSURES MORE SUPPORT TO ARMY DE-MINERS

Mohamed Dilsad

Leave a Comment