දේශීය

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක් ලබාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරීතුමා සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල්, මැයි  මාස වලට අදාළව ගෙවිය යුතු සේවා ගාස්තු වලින් නිදහස් කිරීම, ඉකුත් මාර්තු 14 න් පසුව නිකුත් කළ දඩ පත්‍රිකා වල අධිකාරියෙන් නිදහස් කිරීම සහ මාර්තු 15 දිනෙන් අවසන් වීමට නියමිත මාර්ග බලපත්‍ර වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කිරීම යනාදිය ඇතුළත් වෙයි.

ඉකුත් 11 වැනිදා බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 4 ක් පමණක් ධාවනය වුව ද අද වන විට එම බස් රථ සංඛ්‍යාව  ඉහළ ගොස් අද දිනයේදී පෞද්ගලික බස් රථ 131 ක් පළාත තුළ ධාවනය වූ බව ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

Editor O

ඉහළම, ආයතනයකට මාලිමා ආණ්ඩුවෙන් පත් කළ සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

අධික බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment