දේශීය

ජනාධිපතිතුමාගෙන් බැංකු ක්ෂේත්‍රයට ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලීමක් කර සිටියි.

බැංකු ක්ෂේත්‍රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඊට එක්ව සිටියහ.

කොරෝනා වෛරසය අප පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වු අතර මේවන විට පවතින ප්‍රධාන අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යාමට නොහැකි අතර අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතු බැවින් ඊට සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට හැකි බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් කටයුතු කළ අතර බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරන බව ජනපති පෙන්වා දෙයි.

වර්තමානයේදී ප්‍රමුඛතම අවශ්‍යතාව වන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම වන බැවින් ඒ සඳහා පහසු කොන්දේසි යටතේ ණය ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

අතීතයේ දී බැංකුවලින් ණය ගෙන නොගෙවා පැහැර හැර ඇති වැඩිදෙනා දුප්පතුන් නොව ධනවතුන් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

Editor O

බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment